සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!
Updated: Nov 25, 2020
පැතිරීගෙන යන කොරෝනා වසංගතයෙන් මේ වන විට ලංකාව මෙන්ම ලෝකයේ බොහෝ රටවල් පීඩාවට පත් වී ඇත. මේ මොහොතේ අපට කළ හැක්කේ හැකිතාක් සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කිරීමත් ධර්මයේ ආරක්ෂාව ලබාගැනීමට කටයුතු කිරීමත්ය. එබැවින් සියලු දෙනා තමතමන්ට හැකි අයුරින් ආරක්ෂා වෙමින් මෛත්‍රී සිතින් වාසය කරමින් සියලු දෙනාට මෙත් වැඩීමට කටයුතු කරමු. සිතක ඇතිවන මෛත්‍රී තරංග ශක්තිය ඉතා බලවත්ය. එයින් මුලු ලෝකයටම ශාන්තිය ලබාදිය හැකිය. එසේනම් සියලු දෙනා මෙත් වැඩීමෙන් ලැබෙන ආනිසංස කෙසේ විය හැකිද? මෙය සුලු කොට නොතකා හැකි සෑම දෙනාම උදේ සවස සීලයක පිහිටාගෙන බුදුන් වැඳ විනාඩි කිහිපයක්වත් සියලු සත්ත්වයන්ට මෛත්‍රිය වැඩීමට පුරුදු වෙමු. නිවසේ සිටම සියලු ලෝවැසියන්ට යහපතක් කිරීමට එමගින් හැකියාව ලැබේ.







Comments