top of page
Search

දත යුතු - සසර තතු

සත්වයන් විසින් සිදුකරගන්නා ලද කුසලාකුසල කර්ම විපාක දීම අනුව නැවත නැවත සසරෙහි උපදින අතර එසේ ඉපදී නැවතත් කුසලාකුසල කර්ම රැස්කර ගනී. එසේ ඇතිවන පඤ්චුපාදානස්කන්ධ සංඛ්‍යාත ලෝකයෙහි පැවැත්ම නොදන්නා වූ සසර දුකෙහි ඇලී ගැලී වෙලී සිටින සත්වයන්ට පිහිට ආධාර වීමට මහා පුරුෂයෝ බෝධි සම්භාර පුරා ලොව්තුරා බුදු වෙති. එම ලොව්තුරා තථාගතයන් වහන්සේලා සසර තතු පහදා අන්ධකාරයෙහි සිටින්නවුන්ට ආලෝකය සපයන්නාක් මෙන් ප්‍රඥාලෝකය විහිදුවා සසර තතු දැකගැනීමට පිහිට වෙති.

මෙසේ සසර තතු පහදා දෙමින් වදාළ ලොව පහළවන සියලුම බුදුරජාණන් වහන්සේලා විසින්ම අත් නොහැර සිදු කරන්නාවූ අවිජ්ජහිත දේශනාවකි ‘දේවදූත සූත්‍රය’. එම සූත්‍රය අළලා, පෙළඅටුවා හා පෞරාණික සංග්‍රහ ධර්ම ග්‍රන්ථද උපකාර කරගෙන පූජනීය නිකපිටියේ ගුණරතන ස්වාමීන් වහන්සේ විසින් ‘සසර තතු දත යුතු’ නම් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.

එකසිය තිස් හයක් වූ නිරයේ ඇති බිහිසුණු බවත්, සත්වයන් එහි දුක් විඳින ආකාරයත්, එසේ දුක් විඳීමට හේතුවන අකුසල කර්මයනුත් පහදා සම්පාදනය කර ඇති මෙම ධර්ම ග්‍රන්ථය සැමදෙනා විසින්ම කියවා සසර බිය ඇති කරගෙන සසරින් මිදීමට වීර්යය කළ යුතුය.

ree

 
 
 

Comments


© 2025 නාවිමන ආරණ්‍ය සේනාසනය

  • Navimana Forest Monastery
bottom of page