ශාස්තෲ දායාදය
- නාවිමන ආරණ්‍ය සේනාසනය
- Jun 10, 2021
- 1 min read

භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි පැවිදි වන සෑම දෙනාටම භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදැන වදාළ සිවුපස ප්‍රත්‍ය වන ආමිෂ දායාදය පරිභෝග කරමින් නිර්වාණාවබෝධය පිණිස හේතුවන උත්තරීතර ප්‍රතිපදාවන් වන ධර්ම දායාදය පූරණය කොට සියලු දුකින් අත මිදීමට උපාය මාර්ගය මජ්ඣිම නිකායේ එන තෙවන සූත්‍රය වන ‘ධර්ම දායාද සූත්‍රය’ පහදා දෙයි.
එම සූත්‍රය ඇසුරින් පූජනීය නිකපිටියේ ගුණරතන ස්වාමීන් වහන්සේ විසින් “ශාස්තෲ දායාදය” නම් මෙම අගනා ධර්ම ග්‍රන්ථය සම්පාදනය කොට ඇත. සැම දෙනම කියවා බලා දහම් රසය විඳගනිත්වා!
Comments