“අයං වස්සාන කාලො...” මේ වස් කාලයයි!
මේ වසරේද නාවිමන ආරණ්‍ය සේනාසනයේ වැඩසිටින ස්වාමීන් වහන්සේලා පසුගිය නිකිණි අවපෑළවියෙන් ආරම්භ වූ වස් කාලයේ වස් සමාදන් වූහ. සාමාන්‍යයෙන් වස් කාලය ආරම්භ වන්නේ ඇසළ අවපෑළවියෙන් වුවද මේ වසර අධික අවුරුද්දක් වන නිසාත් ඉංග්‍රීසි වර්ෂ ක්‍රමය හා බුද්ධ වර්ෂ ක්‍රමය අතර ඇතිවන පරස්පරය නිසාත් මෙවර වස් කාලය මාසයකින් පමා විය. මෙවර වස් ආරධනාව සිදුකරන ලද්දේ නිට්ටඹුවේ චන්දන ගුණතිලක මහත්මා සහ එතුමාගේ සොහොයුරිය වන චන්ද්‍රිකා මහත්මියයි. මෙම කාලය ගිහි පැවිදි සියලු දෙනාටම විශේෂයෙන් ගුණදම් පුරාගැනීමට හැකිවන වටිනා කාලයකි.







Comments