

විශේෂාංග | කියවන නුවණ | මායාවක රහස | Downloads | සබඳතා

2020 වසර පුරා සෙනසුනේ විදුලි බිල සඳහා පූර්ණ දායකත්වය
චන්ද්‍රිකා පෙරේරා මිය,
බෝතලේ.
මෙම පුණ්‍යකර්මය
ප්‍රඥා ප්‍රදීපය ලැබීමෙන්, ප්‍රාර්ථනීය බෝධි ඤාණයකින්
උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වේවා!!!
සාධූ! සාධූූ!! සාධූ!!!
''පරිත්තං තං භණාමහේ...''
(Published on June 10, 2020)
ලංකාවාසී හා ලෝකවාසී සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරමින් පසුගිය පොසොන් පුර පසළොස්වක් පොහෝදින නාවිමන ආරණ්‍ය සේනාසනය තුළ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වන ලදී. පවත්නා වූ වසංගත උවදුර දුරවී සියලු දෙනාට නිදුක් නීරෝගී සුවපත් භාවය පිණිසත් තවත් අරමුණු කිහිපයක් පෙරදැරිවත් මෙම පුණ්‍ය කර්මය සිදුකරන ලදී.
වෙසක් අසිරිය 2020
(Published on May 12, 2020)
නාවිමන ආරණ්‍ය සේනාසනය තුළ 2020 හෙවත් බුද්ධ වර්ෂ 2564 වෙසක් මංගල්‍යය සිහිපත් කළ අයුරුයි මේ. බෝධිරාජයාණන් වහන්සේ අසල පැවැත්වූ බෝධිපූජාව.
අරණක අසිරිය
(Published on May 12, 2020)
වනයක ඇති සුන්දරත්වය පිළිබිඹුවන කෙටි වීඩියෝ පටයකි. 2018 දී නාවිමන ආරණ්‍යය තුළ පටිගත කරන ලද දර්ශන ඇතුළත් වේ.
වන අරණ - නාවිමන
(Published on February 27, 2020)
ආරම්භය -
1964 ජනවාරි 30 දින පූජ්‍ය තාඹුගල ආනන්දසිරි ස්වාමීන් වහන්සේ විසින් සෙනසුන ආරම්භ කොට තිබේ.
පිහිටීම -
කෑගල්ල හා ගම්පහ දිස්ත්‍රික් මායිමේ වරකාපොල සිට මීරිගම දක්වා දිවෙන ප්‍රධාන පාරේ සැතපුම් එකහමාරක පමණ (කි.මී.2ක් පමණ) ගිය විට, වම් පසට විහිදෙන මාකූර - මෙනේරිපිටිය පාරේ මීටර් පනහක් පමණ, රජයේ වන වගාව සහිත උස් කඳු මුදුනේ (විලිකුලාකන්ද) පිහිටි හාත්පස මනස්කාන්ත දර්ශනය ඇති නාවිමන ආරණ්‍ය සේනාසනය ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවට භාර කරන ලද්දේ 1972 ජුනි 7 වැනිදා එහි ප්‍රධාන අනුශාසක වූ පූජ්‍ය තාඹුගල ආනන්ද සිරි ස්වාමීන් වහන්සේ සහිත තත් දායක සභාව විසිනි. සකල සේනාසනාංග සම්පූර්ණ මේ ආරණ්‍යායතනය භාවනානුයෝගීන් වහන්සේලාට සැපදායක යෝග භූමියකි. අසල්වාසීන්ගේ, ඈත පළාත් වාසීන්ගේ හා විදේශික දායකයන්ගේද සහයෝගය සහිතව මෙම සේනාසනය ගිහි පැවිදි ධර්මකාමීන්ගේ දහම් පිපාසය නිවීම පිණිස විවිධ අංශවලින් සහයෝගය ලබා දේ.
යෝගාශ්‍රම සංස්ථාවට ඇතුළත් කිරීම -
1972 ජූනි 07 දින නාවිමාන ආරණ්‍ය සේනාසනය, ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවට අයත් සෙනසුනක් ලෙස ලියාපදිංචි කරන ලදී.
සේවාවන් -
-
මාසිකව පොහෝ දින සීල භාවනා වැඩසටහන පැවැත්වීම.
-
ඉරුදින සීල භාවනා සහ අභිධර්මය කියාදෙමින් සහ අවශ්‍ය ඕනෑම විටක භාවනා උපදෙස් ලබාදෙමින් පිරිස ධෛර්යමත් කිරීම.
-
උතුරු නැගෙනහිර දිර්ඝ කාලයක් කුරිරු ත්‍රස්ත භීතිකාවෙන් පීඩාවට පත් වෙහෙර විහාර සොයා වසරකට වරක් හැකි පමණින් උපකාර කිරීම.
-
එවන් පුන්‍ය භූමියක් තෝරාගෙන වාර්ෂිකව අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහා ස්ථවිරයන් වහන්සේ විසින් රචිත ධර්ම පුස්තක ධර්ම දානයක් ලෙස බෙදාදීම.
-
වාර්ෂිකව ඉහත සඳහන් කල ප්‍රදේශයක පාසලක් තෝරාගෙන ළමයින්ගේ දස්කම් අගයන වැඩමුළුවකින් පසු පාසල් උපකරණ සියලුම ළමයිනට ලබාදෙමින් ළමයි දිරිමත් කිරීම.
-
ඒ ප්‍රදේශවල පාසල්වලින් තෝරාගත් උපකාර අවශ්‍ය දක්ෂ ළමයින්ට මව්පිය කැපකරු ක්‍රමයට අධ්‍යාපනය සඳහා මාසිකව උපකාර කිරීම.